Home » Ghost Voters » හොල්මන් තැපැල් ජන්දදායකයන්

PostalVotes_in_pres_polls4

සැක සහිත ලෙස තැපැල් ඡන්ද වැඩි වීම.

1982 හා 2015 ජනාධිපතිවරණ දෙක අතර තැපැල් ඡන්ද සංඛ්‍යාව (මිලියන 1.1 ක් දක්වා) දස ගුණයකින් වැඩි වී ඇති අතර ජනගහණය වැඩි වී ඇත්තේ (මිලියන 20.5 ක් දක්වා) තුනෙන් එකකින් පමණකි. පහත කරුණුද සලකා බලන්න:

  • 1999 ට පෙර තැපැල් ඡන්ද සංඛ්‍යාව 50% කින් වැඩි වූ අතර ඊ ළඟ වසර දහසය තුළදී එය 300% කින් වර්ධනය විය.
  • 1999 ට පෙර රාජ්‍ය සේවකයින් 20% කට අඩු සංඛ්‍යාවක් තැපැල් ඡන්ද පහසුකමින් ප්‍රයෝජන ගත්හ. ඉන් පසුව මෙම අනුපාතය දෙගුණ වූ අතර දිස්ත්‍රික්ක හතරක එය 60% ක් ඉක්මවා ඇත.
  •  සන්නද්ධ හමුදාවන්ගේ පිරිස 200-240,000 කින් පමණ වර්ධනය වීම මගින් වැඩි වී ඇති තැපැල් ඡන්ද සංඛ්‍යාවෙන් සුළු කොටසක් පැහැදිලි වන අතර එසේ පැහැදිලි නොවන සැලැකිය යුතු වර්ධනයක් තිබේ.
  • 2009 න් පසු සන්නද්ධ හමුදා පුද්ගල සංඛ්‍යා ස්ථාවර වීමෙන් පසුව වුවද තැපැල් ඡන්ද සංඛ්‍යාව නොකඩවා ඉහල නැංගේය.

එසේ දස ගුණයකින් වර්ධනය වීමෙන් කොටසක් පැහැදිලි කළ හැකි අතර ඇතැම් දිස්ත්‍රික්ක වල සිදු වී ඇති වර්ධනය ඉතා සැක සහිතය. ඡන්ද වංචා සිදු විය හැකි මාර්ග තක්සේරු කිරීම සඳහා අපි තැපැල් ඡන්ද කෙරෙහි විමසිලිමත් වීමු. එයින් පෙනී යන්නේ තැපැල් ඡන්ද හරහා සිදු වන ඡන්ද ප්‍රෝඩාව ලක්ෂ තුනක් ඉක්මවිය නොහැකි බවයි.

හොල්මන් ඡන්දදායකයින්ගේ සම්ප්‍රාප්තිය.

ශ්‍රී ලංකාවේ ඡන්ද ලැයිස්තු වල ඡන්දදායකයින් මිලියන 15 ක් සිටි අතර ඡන්දය දිය හැකි වයසේ පසු වූ ජනගහණයේ සංඛ්‍යාව මිලියන 14.2 ක් පමණක් විය. එම අතිරික්තයෙන් කිසියම් කොටසක් උතුරු හා බස්නාහිර පලාත් වල ඇති අඩු – ලියාපදිංචිය නිසා ආවරණය විය. අවතැන් වී ඇති නිසා, දිවයිනෙන් බැහැරව සිටි නිසා හෝ පරිපාලන හේතූන් මත උනන්දුවක් නොදැක්වීම නිසා ලියාපදිංචි නොවූ පිරිස එකට ගත් කල, 2014 ඡන්ද ලැයිස්තුවේ මිලියන 1-2 දක්වා වූ “හොල්මන් ඡන්දදායකයින්” පිරිසක් සිටියහ (2012 ජුනි 15 කළම්බො ටෙලිග්‍රාප් – ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු හා 2015 ජුනි 06 – ඉසෙඩ්.එල්.මොහමඩ් බලන්න).
මෙම මිලියන 1-2 ක් දක්වා වන හොල්මන් ඡන්දදායකයින් ඡන්ද ලැයිස්තු වලට ඇතුලත් කර ගැනීමෙන් අනතුරුව හොල්මන් ඡන්ද දැමීම මෙහෙයවූ අයට ඒවා දිස්ත්‍රික්ක වල ගණන් කිරීමේ මධ්‍යස්ථානයන් වෙත ගෙන යාමට සිදු වේ. තැපැල් ඡන්ද දැමීම සාමාන්‍ය ඡන්ද දැමීම තරම් තදින් පසුවිපරම් නොවන හෙයින් එවැනි වංචාසහගත ඡන්ද දැමීමේ එක් යාන්ත්‍රණයක් එය විය හැකිය.

තැපැල් ඡන්ද දැමීම.

තැපැල් ඡන්ද යනුවෙන් අදහස් කෙරෙන්නේ මැතිවරණ කාලයේදී “අත්‍යවශ්‍ය රාජකාරි” වල යෙදවීමට අපේක්ෂිත රාජ්‍ය සේවකයින් (හා ඇතැම් විට වෙනත් අය කිහිප දෙනෙකු) වෙත පිරිනමනු ලබන වේලාසන ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාවකි. තමා යොදවනු ලබන අත්‍යවශ්‍ය සේවය කුමක්ද යන්න තීරණය කරනුයේ රාජ්‍ය සේවකයා විසින් බව පෙනී යයි. තැපැල් ඡන්දය සඳහා අයැදුම් කිරීමට ඡන්දදායකයාට සිදු වේ. ඡන්දදායකයකු වශයෙන් ලියාපදිංචි වීම පිළිබඳ තොරතුරු ඡන්දදායකයාගේ කාර්ය ස්ථානය වෙත තැපෑලෙන් යවනු ලැබේ. තැපෑලෙන් ඡන්දය දැමීම සිදු කරනු ලබන්නේ තමන්ගේ කාර්ය ස්ථානයේදී හෝ ඇතැම් විට වෙනත් රජයේ කාර්යාලයයන්හිදීය. තැපැල් ඡන්ද දැමීම සිදු වන්නේ සාමාන්‍ය ඡන්ද දැමීමට සතියක් හෝ දෙකක් තිබියදීය. ඇතැම් විට තමන්ගේ කාර්ය ස්ථානයේදී ඡන්දය දැමීමට නොහැකි වූ සේවකයින් වෙත කච්චේරිය වෙත ගොස් ඡන්දය දැමීම සඳහා දෙවැනි දිනයක් දෙනු ලැබේ. ඡන්දදායකයකු ලෙස ලියාපදිංචි වීමේ කාඩ්පත සේවකයකු වෙත නොලැබුණ හොත් ඔහු සාමාන්‍ය ඡන්ද පොලට ගොස් ඡන්දය පාවිච්චි කරයි.
අතීතයේදී තැපැල් ඡන්ද ස්ථාන 1200 ක් පමණ තිබී ඇත. ඇතැම් තැපැල් ඡන්ද ස්ථාන වල ස්වාධීන නියාමකයින් හෝ පක්ෂ නියෝජිතයන් සිට නැති අතර ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන යාමේදී කිසිවෙක් ඒවා සමග ගොස්ද නැත.

2015 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද දැමීම.

තැපැල් ඡන්ද සඳහා අයැදුම් කරන ලද 629,000 ක් වූ අයැදුම් කරැවන් අතරින් 60,000 ක් දෙනා මැතිවරණයේදී හොර ඡන්ද දැමීමට උත්සාහ කරමින් හෝ අදාල ආකෘති නිවැරදිව පිරවීමට අසමත් වී හෝ සිට ඇති බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයා පවසයි (2015 ජුලි 26 වැනි දින සන්ඩේ ටයිම්ස් බලන්න). තමා සතුව ඇති ජාතික හැඳුනුම් පත්‍ර දත්ත ගබඩාව නිසා එක් වරකට වැඩියෙන් ඡන්දය දැමීමට යත්න දරමින් සිටින බොහෝ පිරිසක් ඇති බව තහවුරු කිරීමට මැතිවරණ කොමසාරිස් වරයාට හැකි විය. මෙයින් රාජ්‍ය නිලධාරීන් සුළු සංඛ්‍යාවක් අතර තිබෙන මෝඩකම හෝ වංචනික භාවය පෙන්නුම් කෙරෙයි. 2014 වර්ෂයේ ඡන්දදායක ලැයිස්තුවම භාවිතා කළද ජනවාරි මාසයේදී තිබි තැපැල් ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ සංඛ්‍යාව වූ 525,000 සිට එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එය 567,000 දක්වා වර්ධනය වී ඇත. අ.පො.ස උ/පෙ විභාගය සම්බන්ධයෙන් සේවයේ යෙදෙන අය නිසා මෙම වර්ධනය සිදු වී තිබෙන්නට පුළුවන. 2014 මැද භාගයේ සිට ජනාධිපතිවරණය සඳහා වූ ඡන්දදායක ලැයිස්තුවට කිසිවෙක් ඇතුළු කළ නොහැකි වුවද ඇතැම් රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගොස් හෝ මිය ගොස්ද සිටිය හැකි අතර සන්නද්ධ හමුදාවන්ගේ පිරිස් සත්‍ය ලෙසම අඩු වී ඇත. 8%ක් වූ මෙම වර්ධනය සිදු විය හැක්කක් වුවද එය සැක උපදවන සුළුය.

තැපැල් ඡන්ද මගඩියට බාධක.

තැපැල් ඡන්ද දැමීමේ හා සාමාන්‍ය ඡන්ද දැමීමේදී සිදු විය හැකි බහු ඡන්ද දැමීමේ මාර්ග වසා දමන බවට මැතිවරණ කොමසාරිස්ගේ හා ආණඩුවේ ඒජන්තද ඔවුන්ගේ කාර්ය මණඩල සාමාජිකයින්ද වග බලාගත යුතු වන්නේය. කරුණු මෙසේ වුවද ඇතැම් තැපැල් ඡන්දදායකයින් සාමාන්‍ය ඡන්ද දැමීමේදී අන් අය වෙනුවෙන් පෙනී සිටීම සඳහා යොදවාගැනීමේ හැකියාව තිබේ. ඇඟිල්ලේ තීන්ත ගෑම හා බහු ඡන්ද ස්ථාන වල හෝ බහු දිස්ත්‍රික්කයන් තුළ එකවර පෙනී සිටීමේ දුෂ්කරතාවය වැනි අනුන්ගේ ඡන්ද භාවිතා කිරීමට එරෙහි ඇතැම් බාධක තිබුණද ඒවා 6 ලක්ෂයක් වූ තැපැල් ඡන්දදායකයින්ට බාධාවක් වන්නේ නැත. ජාතික හැඳුනුම්පත් පරීක්ෂා කිරීමද ප්‍රලේඛන වංචා මගින් එකම පුද්ගලයකු විසින් බහු ඡන්ද දැමීම පෙරාවරණය වන්නේ නැත.
ඡන්ද මගඩි හඳුනාගැනීම සඳහා සහාය වන ලෙස පසුගිය මාසයේදී මැතිවරණ කොමසාරිස් වරයා සියළුම කණඩායම් වලින් හා පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටියේය.

තැපැල් ඡන්ද මගින් සිදු වන වංචා අධෛර්යමත් කිරීම

2015 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වූ තැපැල් ඡන්ද අයැදුම්පත් 60,000 ක් මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. එහෙත් මෙසේ ඡන්දදායක ලියාපදිංචිය ප්‍රතික්ෂේප කිරීම හැරුන විට කිසිදු දඬුවම් ක්‍රියාමාර්ගයක් ගෙන නැත. දෙවරක් ලියාපදිංචි වී තිබුණද ඡන්දය පාවිච්චි කිරීමේ වරම අහිමි නොවන හිඩැසක් නීතියේ තිබේ.
ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (4) වගන්තිය: “එක් ඡන්ද දිස්ත්‍රික්කයකට වඩා වැඩි සංඛ්‍යාවක ඡන්ද ලේඛනයන්හි තමන්ගේ නම සඳහන්ව තිබුණද ඡන්දදායක ලේඛනයේ නම සඳහන් ඡන්දදායකයකුට

පාවිච්චි කළ හැක්කේ එක් ඡන්දයක් පමණි”

ඇත්තවශයෙන්ම දෙවරක් ලියාපදිංචි වී සිටින පුද්ගලයකුට පාර්ලිමේන්තුවට තේරී පත් වීමට පවා පුළුවන. මෙම වගන්තිය තිබෙන්නේ ඡන්ද ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ දෝෂ ආවරණය කරගැනීමට පමණක් වන නමුත් මෙය වංචනික ක්‍රියාවන්ට කෙරෙන ආරාධනයකි. 20 වැනි සංශෝධන කෙටුම්පත මගින් මෙම හිඩැස සදාකාලික කිරීමේ අපේක්ෂාවක් තිබුණ බව සිහියේ තබාගන්න.

දිස්ත්‍රික්ක අනුව තැපැල් ඡන්ද වැඩි වීම

දිස්ත්‍රික්ක මට්ටමින් ගත් කල 1994 කුරුණෑගල හා ගම්පහ වැඩි වීම සැලැකිය යුතු වේ – 2005 හා 2010 අතරතුර කුරුණෑගල, අනුරාධපුර හා පොලොන්නරුවේ එය ව්ශ්මයජනක විය – කෑගල්ල, මහනුවර හා බදුල්ලේද එය ජාතික ප්‍රමාණයට අසමානුපාතිකව වර්ධනය විය. 2010 දී මෙම සියළුම දිස්ත්‍රික්කයන්හි එම වර්ධනය අඛන්ඩව පැවැති අතර කළුතර, රත්නපුර, ගාල්ල හා මාතර වෙත එය පැතිර ගියේය. මෙම අවකාශාත්මක ව්‍යාප්තිය දෙස අනුක්‍රමික ලෙස බැලීමෙන් 1999 අපකීර්තිමත් මැතිවරණ මගඩි සිදු වූ කුරුණෑගල වැඩි වෙමින් පැවති තැපැල් ඡන්ද පැවැති මධ්‍යස්ථානයක් විය. ඉන් පසුව පැමිණි මැතිවරණ වර්ෂයන්හිදී තැපැල් ඡන්ද වල මෙම හදිසි වර්ධනය අසල්වැසි දිස්ත්‍රික්කයන් කරාද පැතිරී ගියේය.

PostalVotes-GovEmp_percent1සිතියම් : 1999 සිට 2015 දක්වා පැවති ජනාධිපතිවරණයන්හිදී සෑම දිස්ත්‍රික්කයකම තැපැල් ඡන්ද රාජ්‍ය සේවකයින්ගේ ප්‍රතිශතයක් ලෙස දක්වා ඇත.
ජනගහණ වර්ෂයන් සඳහා වූ රාජ්‍ය සේවක සංඛ්‍යාවන් ලබාගත හැකිව තිබුණ අතර අපි එම දත්ත මැතිවරණ වර්ෂ සඳහා අන්තර්නිවේශනය කළෙමු.

ඒ ඒ දිස්ත්‍රික්කයන්හි සිදු වී ඇති වර්ධනයන් රාජ්‍ය සේවක සංඛ්‍යාවන් වැඩි වීම නිසා සිදු වී තිබේදැයි පිරික්සා බැලීම සඳහා තැපැල් ඡන්ද හා රාජ්‍ය සේවකයින්ගේ සංඛ්‍යා අතර අනුපාතය අපට පිරික්සා බැලිය හැකි වේ. මෙහි පහත දැක්වෙන දෙවැනි සිතියම් පැනලයෙන් දැක්වෙන්නේ 1999 දී තැපැල් ඡන්ද/රාජ්‍ය සේවකයින් අතර ඉහලම අනුපාතය කුරුණෑගල තිබෙන බවයි. කෙසේ වුවද 2010 දී ඉහලම අනුපාතය දැක්වෙන්නේ පොලොන්නරුවේ වන අතර ඊට පසුපසින් ත්‍රිකුණාමලය, අනුරාධපුරය හා මාතලේ තිබේ.2015 දී පොලොන්නරුවේ අනුපාතය සැක උපදවන පරිදි පහල ගිය අතර ඉහලම අනුපාතයන් පෙන්නුම් කළේ ත්‍රිකුණාමලය, අනුරාධපුරය, මාතලේ හා කුරුණෑගලයි. මෙම වර්ධනයෙන් කොටසක් සන්නද්ධ හමුදාවන්ගේ ව්‍යාප්තිය නිසා සිදු වී තිබෙන්නට පුළුවන. වෙනත් රාජ්‍ය සේවකයින් හා සංසන්දනාත්මකව බලන කල මෙම පිරිස් (60-70% දක්වා ප්‍රමාණයකට) තැපැල් ඡන්ද සඳහා ලියාපදිංචි වීමට ඉල්ලා සිටීමේ හැකියාව තිබේ.

ජාතික මට්ටමේදී තැපැල් ඡන්ද වර්ධනය විසින් දල වශයෙන් 2,00,000 ක් වූ සන්නද්ධ සේවා වර්ධනය ඉක්මවායනු ලැබ ඇත. සන්නද්ධ සේවාවන්ගේ සංඛ්‍යා ස්ථාවරව තිබියදී හෝ මදක් අඩු වී තිබියදී 2009 වර්ෂයෙන් පසු සිදු වී ඇති මෙම තැපැල් ඡන්ද වර්ධනය තේරුම්ගත නොහැක.

2015 ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික්ක අනුව ඡන්ද දැමීමේ රටා.

ජනාධිපතිවරණයේදී සිටින ජනාධිපති වරයා හා ඔහුට අභියෝග කළ අය සඳහා ලැබී ඇති ඡන්ද රටාවන් නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ අපේක්ෂකයින් අතර බෙදීමක් ඇති බවයි (ප්‍රස්තාරය බලන්න). ඡන්දදායකයින්ගේ පැමිණීම ඉහල සීමාව දක්වා වැඩි විය. සිටින ජනාධිපති වරයාට සහාය දක්වන දිස්ත්‍රික්කයන්හි ඡන්ද දැමීම සඳහා වැඩි ඡන්දදායකයින් සංඛ්‍යාවක් පැමිණෙන නැඹුරුවක් දක්නට තිබුණි. සාමාන්‍යෙයෙන් එවැනි රටාවකින් පෙන්නුම් කරන්නේ ඡන්ද මගඩි සිදු වන බවයි. එහෙත් සාමාන්‍ය ඡන්දදායකයින්ගේ පැමිණීම මෙන් නොව තැපැල් ඡන්දදායකයින්ගේ ඡන්දය භාවිතා කිරීමේ පරාසය පහත් මට්ටමක පැවැතියේය (2015 මැයි කළම්බො ටෙලිග්‍රාප් – ඉසෙඩ්. එල්. මොහමඩ් බලන්න). ඒ අනුව මෙහිදීද ඡන්දය දැමීමේ සැක උපදවන රටාවන් තිබුණද සිටින ජනාධිපති වරයා වෙනුවෙන් තොග පිටින් හොර ඡන්ද දැමීමක් සිදු වී නැති බවට සැලැකිය හැකිය.

mr&ms_vote_percentage

අභිරහස් තත්ත්වයක් පෙන්වන දිස්ත්‍රික්ක

1982 සිට 2015 දක්වා සලකා බලන විට රාජ්‍ය සේවකයින් වැඩිම සංඛ්‍යාවක් ජීවත් වන්නේ කොළඹය. එහෙත් 2015 වන විට කොළඹට වඩා වැඩි තැපැල් ඡන්දදායකයින් සංඛ්‍යාවක් සිටින දිස්ත්‍රික්ක අටක් තිබේ. කුරුණෑගල, ත්‍රිකුණාමලය, යාපනය, ගම්පහ හා කොළඹට අදාල ඇතැම් නිරීක්ෂණ කිහිපයක් මෙහි පහත දක්වා ඇත. අනුරාධපුර, මහනුවර හා මාතලේ යන දිස්ත්‍රික්කද සැකයට පාත්‍ර වේ.

  • ත්‍රිකුණාමලය: රාජ්‍ය නිලධාරීන්ට සාපේක්ෂක ඉහලම තැපැල් ඡන්ද අනුපාතය දක්නට ලැබෙන්නේ මෙහිය. එහි ජන විකාස තත්ත්වයන් යටතේ මෙම දිස්ත්‍රික්කයෙන් සන්නද්ධ හමුදාවන් වෙත බඳවා ගැනීම සීමා වනු ඇති බවට අනුමාන කිරීම නිවැරදිද? එසේ නම් තැපැල් ඡන්ද විශාල සංඛ්‍යාවක් එහි පැවතීමේ හේතුව විස්තර කරන්නේ කෙසේද? 2015 පාර්ලිමේන්තු මැතිවරණයට දින 10 කට පෙර කන්තලේ තිබී වංචනික ඡන්ද පත්‍රිකා 15000 ක් සොයාගැනීම හා ත්‍රිකුණාමලයේ තැපැල් ඡන්ද ස්ථානයකට අනවසරයෙන් ඇතුල් වීම නිසා නියෝජ්‍ය ඇමැති වරයකු අත්අඩංගුවට පත් වීමත් මෙයට අදාල වේ.
  •  කුරුණෑගල: කිසිදු දඬුවමක් නොලබා සාහසික ලෙස ඡන්ද වංචා සිදු වී ඇති බවට පුළුල් ලෙසපවාර්තා වී ඇති 1999 වර්ෂයේ සිට මේ දක්වා වැඩිම සංඛ්‍යාවක් තැපැල් ඡන්දදායක සංඛ්‍යාවක් හා වැඩිම හොල්මන් (නොපෙනෙන) ඡන්දදායකයින් සංඛ්‍යාවක් සිටියේ කුරුණෑගලය. ඇත්තවශයෙන්ම තැපැල් ඡන්ද හරහා වංචාවන් සිදු වී තිබේනම් හොල්මන් ඡන්දදායකයින්ගෙන් 40% ක් ඒ අනුව විස්තර කළ හැකි වේ.
  • යාපනය: 2015 දී යාපනයේ තැපැල් ඡන්ද ඇදහිය නොහැකි ලෙස ඉහල ගියේ ඇයි? එය සිදු වුනේ ඡන්දය දීමට තිබි හිර කපොලු ඉවත් කිරීම නිසාමද – එසේනම් තැපැල් ඡන්ද/රාජ්‍ය සේවකයින් අතර ඇති 60% අනුපාතය පැහැදිලි කරන්නේ කෙසේද?
    •  යාපනයේ පදිංචි කරුවන් අතරින් සන්නද්ධ හමුදාවන්ට බඳවාගනු ලබන්නේ සුළු පිරිසක් බවට අපට අනුමාන කළ හැකිද?
    • යාපනයේ නැවත පදිංචි වූ හෝ යාපනයට සංක්‍රමණය වූ පිරිස් පිළිබඳ ඇස්තමේන්තු තිබේද?
    • 2009 න් පසු නිලධාරීන් වන්නියේ සිට යාපනයට ප්‍රතිස්ථාන ගත කිරීම හරහමා මෙය පැහැදිලි කළ හැකිද? 2010 මැතිවරණ සඳහා 2008 සිට පැවැති ඡන්දදායක ලැයිස්තු භාවිතා කිරීම මෙයට අදාල වේ.

 

  • ගම්පහ: වයස අනුව ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇති අයට වඩා අඩු ඡන්දදායක ලියාපදිංචි කිරීමක් දක්නට ඇතත් තැපැල් ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව නම් කොළඹට සාපේක්ෂකව ඇදහිය නොහැකි වේගයකින් වර්ධනය වෙමින් තිබී ඇත. 1999 න් පසු වැඩි වීම බොහෝ විශාල අතර විශේෂයෙන්ම 2010 න් පසු එම වර්ධනය අඛන්ඩව සිදු වෙමින් පවතී. මෙය 2015 මැතිවරණ සඳහා බැසිල් රාජපක්ෂ විසින් පෝෂණය කරමින් තිබි දිස්ත්‍රික්කයකි.
    • කොළඹ: රාජ්‍ය නිලධාරීන් වැඩිම සංඛ්‍යාවක් සිටින නමුත් තැපැල් ඡන්ද දායකත්වයෙන් කොළඹට හිමි වන්නේ දිස්ත්‍රික්ක 25 අතුරින් 9 වැනි ස්ථානයයි. කොළඹින් සන්නද්ධ සේවාවන්ට බඳවා ගැනීම අතිශයින්ම අඩු වීම තුළින් මෙය තරමක් දුරට පැහැදි ළි කළ හැකි වේ.
    • පොලොන්නරුව: 2010 දී තැපැල් ඡන්ද හා රාජ්‍ය සේවකයින් අතර ඉහලම අනුපාතය සතුව සිටි මෙම දිස්ත්‍රික්කය 2015 දී දෙවැනි තැනට වැටුනි. එසේ සිදු වුනේ එක් නායකයකු විරුද්ධ පක්ෂයට ගිය නිසා දිස්ත්‍රික්කයේ ඡන්ද මගඩි කිසියම් සම්මුතියකට භාජනය වූ නිසාද?

කළුතර, රත්නපුර, මොනරාගල, නුවරඑලිය මා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හා තැපැල් ඡන්ද ඉහල යාම සැලැකිය යුතු මට්ටමක පැවතුනද හොල්මන් හෙවත් නොපෙනෙන ඡන්දදායකයින්ගේ වර්ධනයට වඩා එය සාපේක්ෂක වශයෙන් කුඩා විය. එබැවින් එකී දිස්ත්‍රික්කයන්හි තැපැල් ඡන්ද හරහා සිදු වී ඇති මගඩි වැදගත් කමින් අඩු වේ.

අප ඉගෙනගත්තේ මොනවාද?

තැපැල් ඡන්ද දස ගුණයකින් වැඩි වීම විසඳීමට අප දැරූ ප්‍රයත්නයට පහත හේතූන් නිසා සීමා පැණවුනි:

  • මැතිවරණ කොට්ඨාස හෝ ඡන්ද කොට්ඨාස මට්ටමින් අවශ්‍ය දත්ත නොතිබීම
  • සන්නද්ධ හමුදා පදිංචිය පිළිබඳ ඇස්තමේන්තු දිස්ත්‍රික්ක මට්ටමේ නොතිබීම
  •  ප්‍රාගුණ්‍යයන්ගේ හා ප්‍රතිපත්තීන්ගේ වෙනස් වීම් පිළිබඳ තොරතුරු නොමැති වීම
  •  විවිධ රාජ්‍ය ආයතනයන්ගේ අන්තර් දෘෂ්ඨීන්

එහෙත් දත්ත මගින් පෙන්වා දෙනු ලබන්නේ:

  •  හොල්මන් ඡන්දදායකයින් වැඩි සංඛ්‍යාවක් සිටින දිස්ත්‍රික්කයන්හි තැපැල් ඡන්ද අසාමාන්‍ය ලෙස වැඩි වී ඇත – එහෙත් හොල්මන් ඡන්දදායකයින් වැඩිම සංඛ්‍යාවක් දැක්වෙන සෑම දිස්ත්‍රික්කයක්ම තැපැල් ඡන්ද අතින් ඉහල තත්ත්වයක නැත.
  • තැපැල් ඡන්ද වැඩි වීම වගකිව යුත්තේ හොල්මන් ඡන්ද ඉතා සුළු සංඛ්‍යාවක් සඳහා පමණි. වැඩිම වශයෙන් ගත්තත් හොල්මන් වෙනුවෙන් පාවිච්චි කරනු ලැබ ඇත්තේ ඡන්ද ලක්ෂ 2 සිට 3 දක්වා ප්‍රමාණයක් පමණක් වනු ඇති අතර එය ලක්ෂ 10 සිට 20 දක්වා වූ පරාසයක පවතිතැයි ඇස්තමේන්තු කර තිබිණි.
  • අසාමාන්‍ය ලෙස විශාල තැපැල් ඡන්ද භාවිතය එහි පරිනාමයේදී අවකාශිත රටාවක් පෙන්නුම් කරයි. 1999 දී එය කුරුණෑගලින් ආරම්භ වන අතර මැතිවරණයෙන් මැතිවරණයට එය ඇදී යන රටාවක් ඔස්සේ අසල්වැසි දිස්ත්‍රික්කයන් වෙත පැතිර ගියේය. දකුණේ වඩා මධ්‍යස්ත ලෙස වැඩි වෙමින් පවතින තැපැල් ඡන්ද දෙවැනි තත්ත්වයක් පවතී.
  • කුරුණෑගල, අනුරාධපුර, මාතලේ හා පොලොන්නරුවේ තැපැල් ඡන්දදායකයින්ගේ වේගවත් වර්ධනය හා හොල්මන් ඡන්දදායකයින්ගේ වර්ධනය අනුරූපී වෙයි.
  • මෙයට ව්‍යතිරේකයන් ලෙසින් තිබෙන්නේ ත්‍රිකුණාමලය, යාපනය හා ගම්පහයි. මේ දිස්ත්‍රික්ක තුළද ඡන්ද මගඩි ඉහල මට්ටමකින් සිදු වෙමින් පැවතීමේ හැකියාව තිබේ.

මෙම අන්තර්දෘෂ්ඨීන් තවදුරටත් දියුණු කළ හැකි අතර මෙම ප්‍රයත්නයට ඔබද දායක වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. මෙම කර්තව්‍යය කරගෙන එන ලද්දේ ශ්‍රී ලාංකිකයින් සමූහයකගේ ස්වේච්ඡා ප්‍රයත්නයක් මගිනි (Sri Lankan Election Analytics) . මෙම කාර්යයන්ට සහභාගි වීමේ හා දායක වීමේ යාන්ත්‍රණයන් www.slelect.net හි විස්තර කරනු ලැබ ඇති අතර එහි යාවත්කාලීන කිරීම් @slelect හරහා හෝ mail@slelect.net විද්යුත් තැපෑල මගින් ලබාගත හැකිය.

 

One thought on “හොල්මන් තැපැල් ජන්දදායකයන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

  (To Type in English, deselect the checkbox. Read more here)

Sign Up to get updates


Ver peliculas online Lingual Support by India Fascinates