Home » Ghost Voters » ශ්‍රි ලංකාවේ මැතිවරණ හා 20 වන සංශෝධනය මගින් දූෂිතයන් වැඡඹෙයි

ශ්‍රී ලංකාවේ 2015 ජනාධිපතිවරණය සඳහාවලංගු ඡන්ද හිමිනාමලේඛනයන් හිඡන්දදායකයින් 1,5 0,44,490 කගේනම්සඳහන්ව තිබුණද ජනලේඛනදත්ත අනුවබලනවිට ඒ වනවිට ඡන්දයදි යහැකිනීත්‍යානුකූල වයසටපත්වසිටි පුරවැසියන්ගේ සංඛ්‍යාව 1,44,49,000 ක් පමණකි. මෙයඡන්දදායක ලැයිස්තු වල ඇතිසංඛ්‍යාත්මකව තහවුරුනොවන 4.3% ක ඡන්දදායක අතිරික්තයකි. පසුගිය ජනාධිපතිවරණය තීරණයවුනේ 3.7% ක වැඩිඡන්ද ප්‍රතිශතයකින්වීමත්, ඊටපෙර පැවැත්වුන ජනපතිවරණ තීරණයවුනේ ඉන්අඩකින් පමණවීමත් නිසා මෙයබියඋපදවන තත්ත්වයකි. 2015 ඡන්දසටනඅවසන්වීමත්සමගමර්‍ණහොල්මන් ඡන්දදායකයින්පිළිබඳ මෙම ආශ්චර්යය ආචාර්ය ලක්සිරිප්‍රනාන්දුවිසින් හෙලිදරව් කරන ලදි (Colombo Telegraph, 15 January 2015) ආචාර්ය ප්‍රනාන්දු 1970 සිට ශ්‍රී ලංකාවේමැතිවරණ ගැඹුරින්අධ්‍යයනයකිරීමෙහියෙදී සිට ඇත. ඡන්දය දීමට නීත්‍යානුකූලව හිමිකම් ලබන වයසට පත් වූවන්ට වඩා අඩු තරමින් නම් 7,82,460 ක් ශ්‍රී ලංකාවේ ඡන්ද හිමි ලැයිස්තු තුළ අන්තර්ගත වන බව ඔහු කියා සිටී. ආචාර්ය ප්‍රනාන්දු විසින් මෙම ප්‍රකාශය කර ගෙවී ගිය මාස හතර තුළදී කිසිවකු මේ දක්වා ඊට අභියෝගකර නැත.1

වම: වයස අනුව සුදුසුකම් ලැබූ (අවුරුදු 18 යි මාස 6 ඉක්මවූ) ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව ඉක්මවමින් ඡන්ද ලැයිස්තු වල ඇති අතිරික්ත ඡන්දදායක සංඛ්‍යාවන් දිස්ත්‍රික්ක අනුව පෙන්වා ඇති අතර හිඟය නිල් පාටින්ද අතිරික්තය රතු පාටින්ද දක්වා ඇත. ලොකුම හිඟය (1,26,000) ඇත්තේ කොළඹ වන අතර ලොකුම අතිරික්තය (1,15,000) කුරුණෑගල සතු වේ. මැද: ඡන්ද ලැයිස්තු වල සඳහන් ඡන්ද දායක සංඛ්‍යාව දිස්ත්‍රික්කයේ වයස අනුව සුදුසුකම් ලැබූවන්ගේ ප්‍රතිශතයක් ලෙස දක්වා ඇත. ඡන්දය දුන් සංඛ්‍යාවන් වවුනියාවේ 69% සිට හම්බන්තොට 94% දක්වා පරාසයක ඇති අතර දිස්ත්‍රික්ක ලා දුඹුරු වර්ණයේ සිට තද රතු දක්වා වර්ණ ගන්වා ඇත. දකුණ: සෑම දිස්ත්‍රික්කයක්ම රාජපක්‍ෂ හා සිරිසේන ලැබූ ඡන්ද සංඛ්‍යාවන් අතර ඇති වැඩි ඡන්ද ප්‍රමාණය අනුව වර්ණ ගන්වා ඇත. රාජපක්‍ෂ වැඩි ඡන්ද ලබාගත් ප්‍රදේශ නිල් පාටින් හා සිරිසේන වැඩි ඡන්ද ලබාගත් ප්‍රදේශ රතු පාටින්ද වර්ණ ගන්වා ඇත. හතකට අඩු ප්‍රතිශතයක් ඇති ප්‍රදේශ හිස්ව තබා ඇත.

මෙහි පහත අපට දකින්නට හැකි වන පරිදි, මෙම ීහොල්මන්v ඡන්දදායකයින් කෙතරම් අධික සංඛ්‍යාවක් සිටීදැයි කියතොත් එළඹෙන මහ මැතිවරණයේදී ආසන 15 – 30 ක ප්‍රතිඵල උඩු යටිකුරු කරන්නට ඔවුනට හැකියාව ඇත. යෝජිත 20 වැනි සංශෝධනයේ යෝජනා අනුව ජනගහනය වර්ධනය වී ඇති ප්‍රදේශයන්හි නියෝජනය වැඩි කරනු ඇත. එහෙත් පවත්නා ඡන්ද හිමි නාම ලැයිස්තු අනුව මන්ත්‍රී ආසන නැවත වෙන් කිරීම නිසා හොල්මන් ඡන්දදායකයින් වැඩි සංඛ්‍යාවක් සිටින ප්‍රදේශ වලට දශක ගණනාවක් යන තුරු වැඩිපුර මන්ත්‍රී ආසන 20-40 දක්වා සංඛ්‍යාවක් හිමි වනු ඇත.

ඡන්දදායකයින් ලියාපදිංචි කිරීම ප්‍රමාද වීමේ බලපෑම

කෙනෙක් තම වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විට වසරකට වරක් ග්‍රාම නිලධාරී විසින් බෙදාහරිනු ලබන ඡන්ද හිමි නාම ලේඛන ආකෘතිය උපයෝගී කරගනිමින් ඡන්දදායක ලැයිස්තුවේ තම නම ලියාපදිංචි කර ගැනීමේ ක්‍රියාවලිය අරඹයි. එබැවින් සාමාන්‍යයක් වශයෙන් ගත් කල ඡන්දදායකයාට ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා මාස හයක් ගත වෙයි. ඒ අනුව ඡන්දය දිය හැකි වයස වන අවුරුදු 18 සිට ඇති වන 5,95,000 ක අතිරික්තය යථාර්ථීය ඡන්ද හිමි වයස වන අවුරුදු 18.5 වන විට 7,62,000 ක් දක්වාද ඡන්ද හිමි වයස අවුරුදු 19 ක් වන විට 9,31,000 ක් දක්වාද වැඩි වනු ඇත. ඉහත හේතූන් නිසා සැබෑ අතිරික්තය වයස අනුව ඡන්ද හිමිකම් ලබන ජනගහනයෙන් 4.3% ඉක්මවා යනු ඇත. 18.5 ට වැඩි හෝ 19.0 වයස් වූවන් හා සමාන කරමින් අතිරික්තය ගණනය කිරීමද අඩු තක්සේරුවකි. විගමනය, විදේශ රැකියා, අධ්‍යාපනය හෝ සරණාගත තත්ත්වය නිසා රට හැර ගොස් සිටීම නිසා හෝ නොසැලකිල්ල නිසා හෝ පරිපාලන අඩුපාඩු හේතුවෙන් ඡන්දය සඳහා ලියාපදිංචි වී නැති බොහෝ පුරවැසියෝ සිටිති.2000 සිට 2013 දක්වා විගමනය වී ඇති ඇස්තමේන්තුගත සංඛ්‍යාව 12,32,000 ක් වන අතර 5,70,000 ක් රට රැකියා වල නියැලී සිටිති. 1,22,000 ක් සරණාගත තත්ත්වය ලබාගෙන ඇත. බොහෝ දෙනෙක් කිසිදු නිල සලකුණක් ඉතිරි නොකර පිටව යන හෙයින් එක්සත් ජාතීන්ගෙන් හා රජයේ ඒජන්සි වලින් ලබාගත් මෙම ඇස්තමේන්තු බොහෝ විට සත්‍ය තත්ත්වයට වඩා අඩුය. සමිප ඥාතියකු විසින් පිටරට සිටින අයගේ පදිංචිය තහවුරු කිරීමට ඉදිරිපත් නොවන්නේනම් පිටරට ජීවත් වන ඇතැම් පුරවැසියන්ද ඡන්ද ලේඛන වලින් ඉවත් කරනු ලැබිය හැක. සංක්‍රමණිකයින්ගේ දරුවන් ඡන්දය දීමේ වයසට පත් වුවද ග්‍රාම නිලධාරි වෙත තමන්ම ඉදිරිපත් වූයේ නැතිනම් ඔවුන්ගේ නම්ද ඇතුලත් කරගන්නේ නැත.

ඒ අනුව ඉතාම මධ්‍යස්ථ ඇස්තමේන්තුව ගෙන බැලුවද – අවුරුදු 18.5  ට වැඩි අය වයස අනුව සුදුසුකම් ලබන අතර ලියාපදිංචි වී නොමැති අය ඉතා අඩුවෙන් ඇස්තමේන්තු කළද මිලියන 1 සිට 1.5 දක්වා “හොල්මන්” ඡන්දදායකයින් සංඛ්‍යාවක් සිටින බව අපට තක්සේරු කළ හැකිය. මෙය හරියටම ඡන්දදායකයින්ගෙන් 7-12% දක්වා ප්‍රමාණයක් සිටින අප නොදන්නා තවත් පලාතක් තිබෙනු හා සමානය.
ඇතැම් අයවළුන් ස්ථාන දෙකක ලියාපදිංචි වී සිටියද ඒ අය ඇත්තවශයෙන්ම එම ස්ථාන දෙකෙහිම ඡන්දය පාවිච්චි කිරීමට නොපැමිණ සිටියොත් ඇති වන තත්ත්වය කුමක්ද? මෑතකදී පවත්වන ලද ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කළ සංඛ්‍යාව 1,22,64,377 ක් හෙවත් ලියාපදිංචි මුළු ඡන්දදායක සංඛ්‍යාවෙන් 81.5% ක් වූ අතර එයද සැක උපදවන  තරම් ඉහල සංඛ්‍යාවක් විය.

ඡන්ද ලැයිස්තු හා වයස අනුව සුදුසුකම් ලබන්නන් දිස්ත්‍රික් මට්ටමින් සැසැඳීම.

එහෙත් අප එය වයස අවුරුදු 18.5 ඉක්මවූ අයගේ ප්‍රතිශතයක් ලෙස සැලකුවහොත් ඡන්දය පාවිච්චි කළ සංඛ්‍යාවේ ප්‍රතිශතය 86%ක් දක්වා ඉහල යනු ඇත. අසනීපයෙන් සිටි, විදේශගතව සිටි හෝ ඡන්දය දීමට උනන්දුවක් නැති සංඛ්‍යා සලකා බලන විට මෙය ඇදහිය නොහැකි තරම් ඉහල මට්ටමකි. එසේනම් මෙම හොල්මන්, ජනාධිපතිවරණයකදී පවා ඡන්දය දීමට ඉදිරිපත් වන බව පෙනේ! අපි මීළඟට අතිරික්ත ඡන්දදායකයින් පිළිබඳව දිස්ත්‍රික් මට්ටමින් විමසිලිමත් වෙමු. මෙම අතිරික්තය සෑම දිස්ත්‍රික්කයක් අතරම සමසේ බෙදී ගොස් තිබුණිනම් එය මහා පරිමාණ ඡන්ද ප්‍රෝඩාවක් වීමේ හැකියාව අඩුය. එයින් කිසිවකුටත් වාසියක් අත් නොවන හෙයිනි.

2014 මැද දක්වා මුළු ජනගහණ සංඛ්‍යාද සමග දිස්ත්‍රික්ක මට්ටමේ අවුරුදු 5 වයස් කාණඩ අනුව පිළියෙල කළ 2012 දක්වා වූ ජනගහණ දත්ත ලබාගැනීමට පිළිවන. 2014 වයස අනුව සුදුසුකම් ලබන්නන්ගේ සංඛ්‍යාව තක්සේරු කිරීම සඳහා අපි 2012 වර්ෂයේ විවිධ වයස් කණඩායම් වල දැක්වෙන ඡන්දදායක ප්‍රතිශතයම භාවිතා කළෙමු. දිස්ත්‍රික් මට්ටමේ ඡන්ද ලැයිස්තු පිළිබඳ සංඛ්‍යා ලේඛන මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකිය.

ඉහලම අතිරික්ත ඡන්දදායක සංඛ්‍යාව කුරුණෑගලට අයත් වන අතර (වමේ සිතියම බලන්න) ඉන් පසුව මහනුවර, ගාල්ල, බදුල්ල, නුවරඑලිය, මාතර, කෑගල්ල, අනුරාධපුර, හම්බන්තොට, අම්පාර සහ මාතලේ පෙල ගැස්වේ. ප්‍රතිශත වශයෙන් ගත් කල වයස අනුව සුදුසුකම් ලැබූවන්ට වඩා ඉහලම ඡන්දදායක අතිරික්තයක් ඇති දිස්ත්‍රික්ක වන්නේ මාතලේ හා හම්බන්තොට වන අතර ඉන් පසුව වැඩිම ප්‍රතිශතයන් ඇති දිස්ත්‍රික්ක වන්නේ නුවරඑලිය, මොනරාගල, බදුල්ල හා කුරුණෑගල වේ. දිස්ත්‍රික්ක අතර ජනගහණය 20 ගුණයකින් වෙනස් වේ. එමනිසා අප විසින් වයස අනුව සුදුසුකම් ලබන ඡන්දදායකයින්ට වැඩියෙන් සිටින සැබෑ ඡන්දදායක සංඛ්‍යාව මෙන්ම එක් එක් දිස්ත්‍රික්කයේ අතිරික්තය වැඩි වීමේ ප්‍රතිශතය කෙරෙහිද අවධානය යොමු කළ යුතුව ඇත. ඒ අනුව දිස්ත්‍රික්කයක සිටින ඡන්දදායකයින් සංඛ්‍යාව කුඩා වන අතර ප්‍රතිශතය විශාල නම්, එය ජනාධිපතිවරණයකදී එතරම් වැදගත් වන්නේ නැත. අධික ජනගහණයකින් යුත් දිස්ත්‍රික්කයක ඡන්දදායක අතිරික්තය විශාල සංඛ්‍යාවක් වෙයි නමිද එය අයථා ක්‍රියාවක ලකුණක් විය නොහැකිය.

දිස්ත්‍රික්ක මට්ටමින් ඇත්ත වශයෙන්ම ඡන්දය දුන් සංඛ්‍යාවන් වයස අනුව සුදුසුකම් ලැබූ අයගේ ප්‍රතිශතයක් වශයෙන් පිරික්සා බැලීමට ඊළඟට අපට හැකියාව ලැබේ. ජාතික සාමාන්‍යය මේ වන විටත් 86% ක් සේ සැක උපදවන ඉහල මට්ටමක තිබියදී හම්බන්තොටදී මෙම සංඛ්‍යාව 94% ක් දක්වා ඉහල ගිය අතර ඊට සමගාමීව මාතලේ, මොනරාගල සහ බදුල්ලේ එය 92-93% ක් විය. (මැද සිතියම බලන්න). සසඳා බැලීමේදී වවුනියාව, යාපනය හා කොළඹ 60-70% පරාසයේ තිබිණ. ඡන්දදායක ලැයිස්තු අනුව බලන කල කළුතර හා රත්නපුර ඡන්දදායකයින්ගේ පැමිණීම ඉහලම මට්ටමක පැවති නමුත් වයස අනුව සුදුසුකම් ලැබූවන් හා සසඳන විට එය ඉහලම මට්ටමේ නොතිබුණි. ඡන්ද ලැයිස්තු කපටි ලෙස වෙනස් කිරීම පිරික්සා බැලීමෙහි ලා වයස අනුව සුදුසුකම් ලැබූවන් සලකා බැලීමේ අවශ්‍යතාවය මෙම උදාහරණයෙන් පෙන්නුම් කෙරෙයි. සමස්තයක් වශයෙන් ගත් කල හොල්මන් ඡන්ද දැමීම ඉහලින්ම තිබුනේ කුරුණෑගල දිස්ත්‍රික්කය සමග දකුණු, ඌව, සබරගමුව, මධ්‍යම හා උතුරු නැගෙනහිර පලාත් වලය. ගම්පහ, අම්පාර හා පුත්තලම වැනි දිස්ත්‍රික්ක වල සිදු වුනාක් මෙන් වෙනත් සාධකයන් නිසා ඡන්දය පාවිච්චි කිරීමේ අඩුවක් තිබුණ හෙයින් එයට වසන් වී අන් දිස්ත්‍රික්ක වලද හොල්මන් ඡන්දදායකයින් සිටින්නට ඉඩ තිබුණි.

අපගේ ක්‍රම පිළිබඳ ස්වාධීන පිරික්සුමක්

2012 වර්ෂය සඳහා වූ අතිරික්තය ඍජුවම තක්සේරු කිරීම සඳහා අවශ්‍ය දත්තයන් ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අන්තර්ජාලය ඔස්සේ සපයයි. නවතම සංඛ්‍යා ලේඛන සාරාංශය දිස්ත්‍රික් මට්ටමේ ඡන්දදායකයින්ගේ හා 18 ට වැඩි අයගේ සංඛ්‍යා සපයයි. ඒ අනුව 18 ට වැඩි අයට වඩා 2% ක අතිරික්තයක් තිබෙන අතර වැඩිම අතිරික්තයක් ඇත්තේ කුරුණෑගල, මහනුවර, ගාල්ල, බදුල්ල, කෑගල්ල, හම්බන්තොට හා නුවරඑලිය දිස්ත්‍රික්කයන් තුළය. ඉහලම අතිරික්ත ප්‍රතිශතයන් මාතලේ (9%) හා හම්බන්තොට (8%) ක් වශයෙන් දැක්වෙන අතර ඊට සමගාමීව බදුල්ලේ, කුරුණෑගල, ගාල්ලේ හා නුවරඑලියේ එය 7% ක් වශයෙන් දැක්වුනි.

2012 වර්ෂය සඳහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ තක්සේරුව වූ 2% අතිරික්තය, 2010 හා 2015 මැතිවරණයන් අතර හොල්මන්ඡන්දදායකයින්ගේ දෙගුණ වීමක් සිදු වී ඇති බැවින් 2015 සඳහා වූ අපගේ තක්සේරුව වන 4.3% හා අනුරූපී වේ. 2012 හා 2014 අතරතුර ජාතික ජනගහණය 1.7% කින් පමණක් වර්ධනය වන අතර පසුගිය වසර කිහිපය තුළ ඡන්දදායක නාම ලේඛනය 4.1% කින් ප්‍රසාරණය වී ඇත.පසුගිය මැතිවරණ හා සම්බන්ධ හොල්මන් ඡන්දදායකයින් පිළිබඳව පිරික්සීම ප්‍රයෝජනවත් වේ. 1981 ට ආපසු ගොස් බැලුවහොත් ජාතික පරිමාණයකින් 18 ට වැඩි අය 8670319 ක් සිට ඇති අතර 1982 ලේඛනගතව සිටි ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව 8145015 ක් විය. ඒ අනුව දශක තුනකට පසු දැක්වෙන 2% වෙනසට වෙනස් ලෙස ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව වයස අනුව සුදුසුකම් ලැබූවන්ට වඩා 6% කින් අඩුව තිබිණි.

ඡන්දය පාවිච්චි කළ අයගේ මුළු සංඛ්‍යාව 5768662 ක් වූ අතර එය ඡන්දදායකයින්ගෙන් 70% ක් හා වයස අනුව සුදුසුකම් ලැබූවන්ගෙන් 67% ක් විය. 1999 මැතිවරණයේදී හොල්මන් ඡන්දදායකයින් විශාල පරිමාණයකින් පැමිණි අතර 2010 මැතිවරණයෙන් පසු එය ක්‍ෂණිකව ඉහලට තල්ලු විය.

ඒ අනුව ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දුට අමතරව ජනලේඛන දෙපාර්තමේන්තුව විසින්ද සමස්ත ක්‍රමවේදය ස්වාධීනව ස්ථිර කරනු ලැබ ඇත. දස ලක්‍ෂයක් හෝ ඊට අධික හොල්මන් ඡන්දදායකයින් සංඛ්‍යාවක් සිටින බවට කරන ලද තක්සේරුව සාවද්‍ය විය හැකි එකම මාර්ගය ජනලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පූර්ණ වශයෙන්ම සාවද්‍ය වීම පමණකි. එහෙත් අපගේ මෙම හෙලිදරව්ව ඇදහීමට කෙතරම් අකැමති වේද යත්, තමා විවේචනයට ඉහලින් සිටිතැයි සිතා සිටින ශ්‍රී ලංකාවේ ශුද්ධ දෙනුන්ගේ ප්‍රශ්න කිරීම් සඳහා අප විවෘතව සිටිය යුතු වේ.එහෙත් මේ පසුපස ඇති අභිප්‍රාය සොයා යාමට තරම් ආත්ම විශ්වාසයක් අප සතුව තිබේ. හොල්මන් ඡන්දදායකයින්ගේ ප්‍රතිශතය අධික දිස්ත්‍රික්ක (මැද සිතියම බලන්න)එවකට සිටි නායකයා ඉදිරියෙන් සිටි දිස්ත්‍රික්ක හා ඒකීභූත වේ (වමේ සිතියම බලන්න). අතිරික්ත ඡන්දදායකයින් අධික ස්ථානයන්හි (මැද සිතියමේ තද රතු තැන්) එවකට සිටි නායකයා වඩාත් හොඳින් ජය ගත්තේය (වම් සිතියමේ තද නිල් තැන්). මෙසේ සිදු නොවූ තැන් ස්වල්පයක් ඇති අතර වැඩිම දිස්ත්‍රික්ක වන්නේ නුවරඑලිය, ගම්පහ සහ පොලොන්නරුවයි. සංඛ්‍යා ලේඛනාත්මකව ගත් විට මෙම සහසම්බන්ධය ඉතා වැදගත් වේ:(r-0.612 p<0.0015). සිටින නායකයින්ට වැඩි වාසි ඇති ප්‍රදේශයන්හි සිදු වන මෙම අසාධාරණ හා ස්ථාවර ලෙස විශාල වශයෙන්ඡන්දය පාවිච්චි කිරීමේ රටාව ඡන්ද ප්‍රෝඩාවේ ලක්‍ෂණයකි. උතුරු නැගෙනහිර හා කොළඹ ඡන්දය දුන් සංඛ්‍යාවේ අඩු වීම, උතුරු නැගෙනහිර ඡන්දදායකයින් දියුණු මාර්ග පද්ධතියේ වාසිය ලබාගනිමින් බස්නාහිර පලාතේද ඡන්දය පාවිච්චි කිරීමට පැමිණ ඇතැයි කියන රාජපක්‍ෂ උදවු කරුවන්ගේ තර්කයට එරෙහිව ගියද ඒ කාරණය එයින් විසාධනය වන්නේ නැත. මෙම ප්‍රදේශ වල ඡන්දය භාවිතා කළ 70% පරාසය 1970 ගණන් වලදී ශ්‍රී ලංකාවේ වැඩි ප්‍රදේශ ගණනාවකම පැවැති තත්ත්වය විය. අනිත් අතට දකුණු පලාතේ 1981 දී පවා හොල්මන් ඡන්දදායකයින් සිටියහ.

ඡන්ද ලැයිස්තු අයථා ලෙස වෙනස් කිරීම මෙයට හේතුව විය හැකිද?

මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයට ආරක්‍ෂාවක් නොමැති වීම ඇතුළු විවිධ අඩු ලුහුඩුකම් තිබුණ බව පිළිගන්නා අතරම පසුගිය මැතිරණය සාධාරණ ලෙස පවත්වන ලද බවට මැතිවරණ කොමසාරිස්, ගෞරවනීය ජාත්‍යන්තර නිරීක්‍ෂකයින් හා මැතිවරණ පසුවිපරමෙහි යෙදුන CAFFE,CMEV, PAFFREL ආදී සංවිධාන විසින් ප්‍රකාශයට පත් කරන ලදි. 2015 මැයි 11 වැනි දින කළම්බො ටෙලිග්‍රාෆ් පුවත් පතට මා විසින් පෙර සපයන ලද ලිපියක් මගින් මා පෙන්වා දුන්නේ සිටින නායකයාට සහාය දක්වන ප්‍රදේශයන්හි ඡන්දදායකයින් විශාල වශයෙන් ඡන්දය පාවිච්චි කිරීම බොහෝ දෙනා විසින් දරන ලද මතය වූ ඔහුට (ජනාධිපති වරයාට) දැන් ඡන්දදායකයාගේ උද්‍යෝගිමත් සහාය අහිමි වී ඇත යන්නට එරෙහිව යන බව හා ඡන්දදායක සංඛ්‍යාව පිළිබඳ යම් ප්‍රෝඩාවක් සිදු වුනිනම් මිස එසේ නොවිය හැකි බවයි. රාජපක්‍ෂ රෙජිමයට හිතවත් ප්‍රදේශයන්හි ඡන්ද ලැයිස්තු වංචනික ලෙස පුම්බා ඇති බවට මෙම ලිපිය මගින් සැපැයෙන සාක්‍ෂි ඉහවහා යනසුළුය. වෙනත් ප්‍රදේශයන්හි ලියාපදිංචි වීමට තිබුණ බාධක පිළිබඳ කටකථා ස්වරූපයේ සාක්‍ෂි තිබේ. මේ සමග බාල වයස් කාරයින් විසින් ඡන්දය  පාවිච්චි කිරීම, එකම පුද්ගලයා විසින් කිහිප වතාවක් ඡන්දය පාවිච්චි කිරීම, තැපැල් ඡන්දදායකයින් විසින් කිහිප විටක් ඡන්දය දැමීම හා ඡන්ද පෙට්ටි පිරවීමත් සිදු වන්නට ඇත.

දේශපාලනඥයින්ට ඡන්දයෙහි ඇති තීරණාත්මක වැදගත් කම පිළිබඳව ගත් විට ඡන්දදායක ලැයිස්තු අයථා ලෙස වෙනස් කිරීම හා වෙනත් ඡන්ද දූෂණ අපේක්‍ෂා නොකිරීම අනුවන කමකි – ඡන්ද දිනීමේ පහසුම මග එයයි. ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය විනිවිද නොපෙනෙන අතර මැතිවරණ වංචා සොයාගැනීම දුෂ්කර කටයුත්තකි. අප බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ මැතිවරණ සටන අතරතුර සිදු වන දේ කෙරෙහි වන අතරවංචා පිළිබඳව දැනගන්නට ලැබුණද ඒවා කටකථා වශයෙන් බැහැර කෙරේ. රාජ්‍ය සේවාවන් දේශපාලනීකරණය වී ඇති බව හා ජාතිකමාධ්‍ය, ප්‍රවාහන සේවා හා සංචාරක මණඩලය වැනි ආයතන පවා ඇතුලත් රාජ්‍ය යාන්ත්‍රනය තුළ පුරුද්දක් වශයෙන් වංචනික ක්‍රියාවන් සිදු වන බවද දැනට පුළුල් ලෙස පිළිගත් කරුණකි.

ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු 2015 ජනවාරි 21 වැනි දින කළම්බො ටෙලිග්‍රාෆ් පත්‍රයට අනුගාමී ලිපියක් සපයමින් මෙසේ කියා සිටියේය: මට දැනගන්නට ලැබී ඇති පරිදි තෝරාගත් ග්‍රාම නිලධාරීන් හා වෙනත් නිලධාරීන් උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකසංවිධායක වරුන් දිගු කාලයක් මුළුල්ලේ ඡන්ද හිමි නාම ලේඛන අයථා ලෙස වෙනස් කිරීමෙහි යෙදී සිටියහ. ඇමති වරයෙකුගේ භාර්යාවක් නව අනන්‍යතාවයක් යටතේ දෙවැනි උප්පැන්න සහතිකයක් හා දෙවැනි විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති සිද්ධියක් සොයාගැනීම පිළිබඳව අපට පොලිසියෙන් දැනගන්නට ලැබුණි. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියා සාමාන්‍ය සිරිතක් සේ මෙයට ඉඩ දී ඇත. මෙම තත්ත්වයන් යටතේ වඩාත් අවදානම් සහිත තත්ත්වයක සිටින ග්‍රාම නිලධාරීන් මෙවැනි බලපෑම් වලට වඩාත් පහසුවෙන් නතු වීම සාධාරණ බව පෙනේ. උප්පැන්න සහතික ව්‍යාජ ලෙස පිළියෙල කළ හැකි නම් ඒවා අවංක ග්‍රාම නිලධාරියකු වුවද පසුකර යාමේ හැකියාව තිබේ.සමහර දේශපාලනික වශයෙන් සහාය ලබන නිලධාරීන් සිය කැමැත්තෙන්ම වංචාවන්ට උඩගෙඩි දී තිබෙන්නට පිළිවන. මේ කාරණයේදී ඡන්දදායකයින් යටපත් කිරීමේ පහසු මගක් වන්නේ සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල ලෙස සිටින නායකයාට සහායක් නැති ප්‍රදේශයන්හි ඡන්දදායකයින් ලියාපදිංචි කිරීම ප්‍රමාද කිරීම හා ඔවුන් ඡන්ද ලැයිස්තුවෙන් ඉවත් කර දැමීමය.

පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵල.

පසුගිය ජනාධිපතිවරණය තීරණය කරන ලද්දේ වැඩි ඡන්ද 3.7% ක හෙවත් ඡන්ද 470000 ක සංඛ්‍යාවකිනි. අතිරික්ත ඡන්ද දස ලක්‍ෂයෙන් වැඩි කොටස නායකයාට වැටුනේනම් (80%) සිරිසේනගේ වැඩි ඡන්ද ප්‍රමාණය 1070000 ක් හෝ 8-9% ක් දක්වා වැඩි වන්නට ඉඩ තිබුණි. ප්‍රකාශ කරන ලද සැබෑ ඡන්ද වලින් ලක්‍ෂ 60 ක් සිරිසේනටද ලක්‍ෂ 50 ක් රාජපක්‍ෂටද ලබාගත හැකිව තිබුණි. ප්‍රකාශ කරන ලද ඡන්ද ඒ ඒ දිස්ත්‍රික්කයේ රටාව අනුගමනය කර තිබුණද සිරිසේනගේ වැඩි ඡන්ද සංඛ්‍යාව අඩු තරමින් ලක්‍ෂ 2 කින් ඉහල යා යුතුව තිබිණි. දිනන ලද දිස්ත්‍රික්ක හා ඡන්ද කොට්ඨාසවැනි මැතිවරණ ප්‍රතිඵල හා සම්බන්ධ බොහෝ අර්ථ කථනයන් සඳහා මෙම පරිමාණයේ ප්‍රෝඩාවන් හේතු සාධක කරගත හොත් එන පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්‍ෂකයින් ලබන වැඩි ඡන්ද ප්‍රතිශත හා ඒ අනුව ලැබෙන ප්‍රතිඵල බොහෝ දුරට වෙනස් වනු ඇත.

ඊ ළඟ පාර්ලිමේන්තු මැතිවරණය මත බලපෑම.අනාගතයේදී ඡන්ද ලැයිස්තු වලින් හොල්මන් ඉවත් කරනු ඇත. එහෙත් එය නව රජයක් සමග ස්වයංක්‍රීය ලෙස සිදු නොවනු ඇත. හොල්මන් නිර්මාණය  කිරීමෙහි ලා සම්බන්ධ වූ නිලධාරීන් ඒ ඒ තැන් වල තවමත් රැඳී සිටින අතර අඩුපාඩු යටපත් කිරීමේ හැකියාව

ඔවුන් සතුව ඇත. කලින් තිබුණ රජයට සමීපව සිටියවුන්ගේ වාසියට ඊ ළඟ පාර්ලිමේන්තු මැතිවරණය අනතුරේ හෙලීමේ හැකියාවක්ද තිබේ. අවශ්‍ය වන්නේ ගැටළුව කෙරෙහි අවධානය යොමු කිරීම හා ස්වාධීනව හා පාරදෘෂ්‍ය ලෙස ඡන්ද ලැයිස්තු පරීක්‍ෂණයට භාජනය කිරීමයි.

20 වැනි සංශෝධනය යටතේ ආසන වෙන් කිරීම මත ඇති වන බලපෑම. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ යෝජකයින් පවසන්නේ වැඩි වන ජනගහණය පදනම් කරගනිමින් අමතර ආසන වෙන් කරනු ලබන බව වන අතර මතු පිටින් බලන විට එය සාධාරණ බව පෙනී යයි. කෙසේ වුවද දැනට පවත්නා ඡන්ද ලැයිස්තු සමග මෙම නැවත ආසන වෙන් කිරීම කරනු ලැබුවහොත් එයින් වාසි සැලසෙන්නේ දශක ගණනාවක් තිස්සේ හොල්මන් වැඩියෙන් සිටින ප්‍රදේශයන්ටය. ඒ මගින් දකුණු, ඌව, සබරගමුව, උතුරු මැද හා මධ්‍යම පලාත් වලටද කුරුණෑගල දිස්ත්‍රික්කයටද අමතර මන්ත්‍රී වරුන් 10-30 දක්වා ලැබෙන අතර ඉන් අවාසි වන්නේ බස්නාහිර, උතුරු හා නැගෙනහිර පලාත් වලටය. මැතිවරණ කොට්ඨාස වල සීමා නිර්ණය හා කොට්ඨාස නැවත වෙන් කිරීම දැන්මම සිදු කළ යුතු නම් මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඡන්දදායක ලැයිස්තු වල පිම්බීම අඩු කිරීම සඳහා ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ජනගහණ දත්ත භාවිතා කළ යුතු වේ.

ඡන්දදායකයින් යටපත් කිරීම විදේශගත පුරවැසියන්.

එම ප්‍රතිකාරය සමග වුවද ඡන්ද කොට්ඨාස නිර්ණය කිරීම/ආසන නැවත වෙන් කිරීම යුද්ධයේ ප්‍රතිවිපාක හා අවාසිදායක ප්‍රදේශයන්හි ඡන්දදායකයින් යටපත් කිරීමේ හැකියාව හේතුකොටගෙන අසාධාරණ තත්ත්වයක තිබෙනු ඇත. බස්නාහිර, උතුරු හා නැගෙනහිර පලාත් වලද වෙනත් පලාත් වල ඇතැම් ස්ථානයන්හිද පුරවැසියන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවත් ඌණතාවයක් පැවතිනි. යමෙක් සෑම පුරවැසියකුටම ඡන්දය දීමේ සමාන අවස්ථාවක් දීම සඳහා ව්‍යවස්ථාවට ලැදි වේ නම් විදෙස්ගතව සිටින්නන්, යුද්ධය නිසා සරණාගතව සිටින්නන්, අවතැන් වී සිටින්නන් හෝ ලියාපදිංචි වීමේදී දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නන් ඇතුළු පුරවැසියන් සියළු දෙනාගේ ලියාපදිංචිය සහතික ලෙස සිදු විය යුතුය.

Table

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

  (To Type in English, deselect the checkbox. Read more here)

Sign Up to get updates


Ver peliculas online Lingual Support by India Fascinates