Home » Press Release » මාධ්ය නිවේදනය

මැතිවරණ ක්‍රියාවලි‍ය ප්‍රජාතන්ත්‍ර ක්‍රියාවලියේ උත්කෘෂ්ඨ හා අවශ්‍ය කොටසක් වන හෙයින් මැතිවරණ ප්‍රජාතන්ත්‍ර වාදයේ මිණුම් ලකුණක් ලෙස සැලැකිය හැකි වේ. මුලික වශයෙන් මැතිවරණ සතුව නීත්‍යානුකූල පරමාර්ථයක් ඇති බැවින්ද ඒවා පුරවැසියන්ට වැදගත් වන හෙයින්ද පුරවැසියෝ නිදහස් හා සාධාරණ ලෙස ඡන්දය භාවිතා කිරීමට අපේක්ෂා කරති. මේ සම්බන්ධයෙන් තමන්ගේ තීරණය පිළිබඳ නිශ්චිත විනිශ්චයක් ගැනීම සඳහා නොයෙකුත් ආකාරයේ තොරතුරු පුරවැසියන්ට අවශ්‍ය වේ. ඇත්තවශයෙන්ම ජන මාධ්‍ය රජයේ ක්‍රියාකාර කම් පිළිබඳව තක්සේරුවක් කිරීමටත්, සාකච්ඡාව සඳහා වේදිකාවක් සපයා දීම හරහා මහජනතාවගේ දැවෙන ප්‍රශ්න හා හඬ අදාල අයගේ දැනගැනීමට සැලැස්වීමට ජනතාවට ඉඩකඩ සලස්වයි. මැතිවරණයන්හි විවෘත භාවය හා පාරදෘශ්‍ය භාවය තීරණාත්මක වන නමුත් සමාජයක් තුළ ශක්තිමත් හා ස්වාධීන මාධ්‍ය ජාලයක් හරහා තොරතුරු කරා ප්‍රවේශ වීමට ඇති හැකියාව යහ පාලනයේ සියළුම පැතිකඩයන් පහසුකරණය කරයි. එම නිසා සැඟවීමට කිසිත් නොමැති විට හා බොහෝ දේවල් වැඩිදියුණු කළ යුතුව ඇති විට ස්වාධීන මාධ්‍ය සමාජයට පහන් කණුවක් හා සමාන වන්නේය.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය මැතිවරණ අවංකත්වය කෙරෙහි බලපාන බොහෝ අපකීර්තිමත් ඇඟිලි ගැසීම් වලින් කිලිටි වී ඇත. වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හා ඡන්දය පාවිච්චි කිරීම පසුවිපරම් කිරීම සඳහා විවිධ සේවාවන් ක්‍රියාත්මක වන නමුදු දත්ත විද්‍යාවේ දියුණුව තුළින් ලැබෙන තොරතුරු මත පදනම් වූ මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ක්‍රමයක් ශ්‍රී ලංකාවේ දක්නට නොලැබේ. මැතිවරණයන්ගේ සිදු වන මහා පරිමාණ වංචාවන් හඳුනා ගැනීමට දත්ත විශ්ලේෂණය මගින් හැකි විය හැකි අතර වංචාවන් සොයාගැනීම, පසුවිපරම් කිරීම හා වංචා වැලැක්වීම කෙරෙහි අවධානය යොමු කිරීමටද එය උපකාරී වනු ඇත. මීට අමතරව ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේදී සිදුව ඇති අඩු පාඩුද හෙලිදරව් කරගැනීමේ හැකියාවද ඇත. පුද්ගලයකුට ලබාගත හැකි තොරතුරු වල ගුණාත්මක භාවය ඔහුගේ හෝ ඇගේ දේශපාලන ක්‍රියාවලියට සහභාගි වීමේ හැකියාව කෙරෙහි බෙහෙවින් බලපාන හෙයින්, ආන්තික හා අවදානම් තත්ත්වයක සිටින පුරවැසියන්ට හා පුරවැසි භාව හිමිකම් තිබෙන ප්‍රවාසිකයින්ට හා අනාථයින්ටත් මේ සියල්ල විශේෂ වශයෙන් වැදගත් වේ.

දේශපාලනය මත පමණක් නොව ආර්ථිකය, සමාජ හා නෛතික විෂය මත මෙන්ම ජාත්‍යන්තර නීතියේ කොටසක් කෙරෙහිද ඍජු බලපෑමක් ඇති කරන හෙයින් “මැතිවරණය” යනු විවිධ ශික්ෂණයන් පදනම් කරගනිමින් විශ්ලේෂණය කරනු ලබන සීමා රහිත මාතෘකාවකි. යහපාලනය යන්න ලියවිල්ලකට පමණක් සීමා නොවන අතර සිදු වන අකටයුතුකම් සම්බන්ධයෙන් මහජනතාව දක්වන නිහඬතාව ඔවුන්ගේම තත්ත්වය තව තවත් නරක අතට හරවයි. මෑතකදී පවත්වන්නට යෙදුන පුවත් පත් සාකච්ඡාවකදී මැතිවරණ කොමසාරිස් වරයා විසින් මැතිවරණ වල විශ්වාසනීයත්වට සහතික කිරීමෙහිලා සියළු දෙනා සතුව ඇති වගකීම පෙන්වා දෙන ලද අතර ඒ පිළිබඳව අදහස් දක්වන ලෙස ඇරයුම් කර සිටින ලදි. මැතිවරණ ප්‍රතිඵල මත වූ සංඛ්‍යා ලේඛන මැතිවරණ දෙපාර්තමේන්තුව භාර නොගන්නා බවද ඔහු සඳහන් කළේය.

මහජනතාවගේ දෘෂ්ඨි කෝනයෙන් මැතිවරණ දත්ත වඩාත් ගැඹුරු විශ්ලේෂණයකට භාජනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති නිසා එම අවශ්‍යතාවයට සපුරා ලීමේ අදහසින් අදාල තොරතුරු ලබා දෙමින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට සහාය වීම සඳහාත් සාධාරණ මැතිවරණයකට දායක වීම සඳහාත් ශ්‍රී ලංකා මැතිවරණ විශ්ලේෂණ යනුවෙන් නම් කර ඇති අන්තර්ජාල මාර්ගයක් අප විසින් දියත් කරනු ලැබ ඇත. (http://slelect.net) වෙබ් අඩවිය හරහා භාෂා තුනෙන්ම අප වෙත ප්‍රවේශ විය හැකි අතර ඊට අමතරව (https://twitter.com/slelect) ට්විටර් ගිණුම හරහාද, (https://www.facebook.com/pages/Sri-Lanka-Election-Analytics/999618176738357?ref=hl) ‍පේfස්බුක් ගිණුම හරහාද,

(http://eepurl.com/buGd_v) තැපැල් චිම්ප් දායකය හරහාද ඔබට අප හා සම්බන්ධ විය හැකි වේ.

මෙහි කටයුතු කරනු ලබන්නේ ඉසෙඩ්.එල්.මොහමඩ් විසින් සම්බන්ධීකරණය කරනු ලබන බහු ශික්ෂණ ස්ව්ච්ඡයින් සමූහයක් විසිනි. අපගේ ස්වේච්ඡයින් හා උපදේශකයින් දත්ත කළමනාකරණය, සංඛ්‍යාලේඛන විශ්ලේෂණය, අවකාශ හා කාල ශ්‍රෙණි විශ්ලේෂණය. භූගෝලීය දෘෂ්ඨිකල්පනය හා තොරතුරු තාක්ෂණය පදනම් වූ භාරදීම් යාන්ත්‍රණයන්ද පිළිබඳ දක්ෂතා ඇත්තවුන් වෙති. අපගේ කාර්යයන්ට ශ්‍රී ලාංකික දත්ත විද්‍යා විශේෂඥයින් පිරිසකගේ සහාය ලැබේ (නම් ලැයිස්තුව, තනතුරු හා අනුබැඳීම් SLElect.Net වෙබ් අඩවියේ දැකගත හැකිය). ඒ අනුව අපගේ විශ්ලේෂණය කරගෙන යාමේදී අපි අපක්ෂපාත, අවංක හා අතිශයින්ම සැලැකිලිමත් වන අතර මෙම ප්‍රයත්නයේදී අප මෙන්ම සිතන පතන වෙනත් අයද අප හා එක් වෙතැයි ප්‍රාර්ථනා කරන්නෙමු. අප මෙම කර්තව්‍යය ආරම්භ කළේ වර්තමාන මැතිවරණය මත ක්ෂ්ණික අවධානය යොමු කරමිනි. පොදු වැදගත් කමකින් යුත් ප්‍රශ්න පිළිබඳව අන්තර් දෘෂ්ඨීන් දායක කරන අතරම මෙම කාර්යය ශිෂ්‍යයින්ට හා වෙනත් අයට අධ්‍යාපනික හා අභිප්‍රේරණාත්මක වශයෙන් වැදගත් වනු ඇතැයිද බලාපොරොත්තු වන අතර පොදු යහපත සඳහා වන වෙනත් ක්ෂේත්‍රයන්ද එමගින් ආවරණය කිරීමට බලාපොරොත්තු වෙමු.

අප විසින් කරනු ලබන කාර්යයන් මහජනයා සිතන මතන ආකාරයන්ට අභියෝග කරමින් එය වෙනස් කරනු පමණක් නොව, යහපාලනය පිළිබඳ මතයක් මතු කර ගැනීමටද එය ඉවහල් වනු ඇත. භාෂා පරිවර්තකයින්ගේ, මාධ්‍ය වේදීන්ගේ, වැඩසටහන් සම්පාදකයින්ගේ, වීඩියෝ සංස්කාරකයින්ගේ හා සමාජ මාධ්‍ය නියාමන විශේෂඥයින්ගේද යෙදවුම් ලබාගැනීමට අපි විශේෂයෙන්ම උනන්දු වෙමු. (දායකත්වයන් slelecta@gmail.com වෙබ් අඩවිය වෙත යැවිය හැකි අතර වැඩි විස්තර අපගේ වෙබ් අඩවියෙහි සපයනු ලැබ ඇත). මැතිවරණයෙන් පසුව අපගේ කටයුතු අඩු මට්ටමකින් අඛන්ඩව කරගෙන යාමට අප දෘෂ්ඨිකල්පනය කරන අතර අපගේ වැඩසටහන හා එහි ව්‍යාවෘත වීම සාධාරණත්වය වෙත දීර්ඝ කාලීනව දායක වනු ඇතැයි යන්න අපගේ ප්‍රාර්ථනයයි.

ඉසෙඩ්.එල්.මොහමඩ්

zilm@mail.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

  (To Type in English, deselect the checkbox. Read more here)

Sign Up to get updates


Ver peliculas online Lingual Support by India Fascinates